
(ප්‍රසාද් රුක්මල, පාලිත ආරියවංශ)
ඇල්ල කිතල්ඇල්ලේ තිබෙන රාවණා දිය ඇල්ල නැරඹිමට පැමිණි ඉතාලි ජාතික තරුණියක ඇල්ලෙන් පහලට වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.
ඉතාලියේ පදිංචි වැලන්ටිනා (27) නැමති තරුණිය අනතුරට ලක්ව මියගොස් තිබෙන බව පොලිසිය කියයි.
ඉතාලියේ සිට පැමිණි තරුණියන් දෙදෙනා රාවණා දියඇල්ල නැරඹිට ඇල්ලට ඉහළ ප්‍රදේශයට පැමිණ සිටියදි පය ලිස්සා අඩි 100ක් පමණ ප්‍රපාතයේ තිබෙන ගල්තලාවක් මතට ඇද වැටි බරපතල තුවාල ලබා සිටියදි ප්‍රදේශවාසින් දැඩි පරිශ්‍රමයක් දරු තරුණිය ගොඩට ගෙන දෙමෝදර රෝහලට ඇතුළත් කරනවිටත් තරුණිය මියගොස් සිටි බව පොලිසිය කියයි.
බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේනායක මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය පරික්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd